The Mass Grave - සමූහ මීනීවල

මේ ඔ‍‍බේ මාංශය දියවී ගිය පසයි
ඔබේ රුධිරයත් ඇටකටුත් දරා සිටි පසයි
ඔබ විදි දුඛ්කිත වේදනාවන්
‍‍ගැඩවිල් පණුවන් පවා දකින්නත් ඇති‍‍
මේ සංහාරයේ එකම සාක්ශිකරුවන්
උන් වෙන්නටත් ඇති
කාලය උපදින්නටත් පෙර
ඔබ ආදරයෙන් ඇවිද ගිය මේ බිමේම
ඔබ අරගලද කල මේ බිමේම
දැන් නුඹ
නිර්නාමිකයන් සේ මිහිදන් වී සිටී
ගැඩවිල් පණුවන් ගී කියනවත් ඇති
උඹෙි තනියට
නේක දුක්විද මියැදී පොලෝ පස්යට එකට හිරවී
විදින දුක් කන්ද තුනී කරන්න
දවසක උදලු තුඩක හෝ අනුහසින්
‍පොලව උඩට විත් ලෝකයට ඇත්ත කියන්න...